- 00දින
- 00පැය
- 00මිනිත්තු
- 00තත්පර
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ශ්‍රී ලංකාව තුළ හරිත සහ තිරසර ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා නව්‍ය විසඳුම් ලබාගැනීමේ අරමුණින් යුතුව, තරුණ නායකත්වය, නවෝත්පාදනය හා සමාජයීය ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඉතා වැදගත් මූලාරම්භයක් වන ‘හැකඩෙව්’ හි කොටසක් ලෙස ‘හරිත නවෝත්පාදන අභියෝගය’ හඳුන්වා දෙනු ලබයි.
වඩා හොඳ හරිතමය විසඳුම් සඳහා වන 2030 වර්ෂයේ සංවර්ධන න්යායපත්රය තුළ වැදගත් දායකත්වයක් සැපයීමට ශ්‍රී ලංකාවේ තරුණයන් සවිබල ගන්වමින් සහ ඔවුන්ට මං පෙත් විවර කරමින් තිරසාර ව්‍යාපාර බවට ඒවා පත් කිරීම මෙම ක්‍රියාවලියේ අරමුණයි.
හැකඩෙව් හරිත නවෝත්පාදන අභියෝගය හරහා, රටෙහි පරිසරය සහ ආර්ථිකය යන ද්විත්වය සඳහා ම දායක වන අන්දමේ තිරසාර සමාජයීය ව්‍යාපාර නිර්මාණය කරන අතරතුර පරිසරයට සම්බන්ධ තිරසාර සංවර්ධන අභිමතාර්ථ ඉටු කරගැනීමෙහි ලා සහාය වන නව්‍ය විසඳුම් සෙවීමේ අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය වෙත ඇරයුම් කරයි.
හරිත නවෝත්පාදන අභියෝගය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා Citi Foundation යන සංවිධාන මඟින් කලාපීය මට්ටමෙන් සම නායකත්වය දරන මුලාරම්භයක් වන Youth Co Lab වැඩසටහනේ කොටසක් ලෙසද දිගහැරෙන අතර එම සංවිධානය මඟින් මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබා දෙයි.
විසඳුම් සෙවීම සඳහා ඔබට
දායක විය හැකි ක්ෂේත්‍ර මොනවාද?
නව්‍ය විසඳුමක් සඳහා ඔබගේ අදහස් එක් කළ හැකි අනු තේමා කිහිපයක් පහත දැක්වේ. එහෙත්, එමඟින් ඔබේ චින්තනය සීමා කිරීමක් සිදු නොවේ. මෙම අභියෝගය සඳහා හරිත නවෝත්පාදනය යන පුළුල් ක්ෂේත්රය තුළ ඕනෑම අනෙකුත් අදහසක්ද පිළිගනු ලැබේ.
චක්‍රීය අර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම
අපද්‍රව්‍ය එකතු කිරීම, බැහැර කිරීම, වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ අතිචක්රිකරණය (upcycling), අපද්‍රව්‍ය ජනනය අවම කිරීම
(තිරසාර සංවර්ධන අභිමතාර්ථ 12)
තිරසාර ජල කළමනාකරනය
ජලය ලබාගැනීම, ජල පීඩාව විසඳීම, ජල මාර්ග ආරක්ෂා කිරීම සහ ඒ සම්බන්ධ ජල කළමනාකරණය තිරසාර කිරීම
(තිරසාර සංවර්ධන අභිමතාර්ථ 06)
හරිත ආර්ථිකය සඳහා සූදානම් වීම
හරිත ආර්ථිකයක් සඳහා ශක්‍යතා ගොඩනැංවීම සහ ඒ සඳහා අවශ්‍ය කුසලතා නොමැති වීම යන හිදැස පිරවීමට ශක්‍යතා ගොඩනැංවීම
(තිරසාර සංවර්ධන අභිමතාර්ථ 12)
පරිසර හිතකාමී නිෂ්පාදනය සහ පරිභෝජනය
පරිසර හිතකාමී නිෂ්පාදන සංවර්ධනය කිරීම සහ/හෝ පරිසර හිතකාමී භාණ්ඩ හා සේවා සපයන ව්‍යවසායකත්වයට සහාය වීම
(තිරසාර සංවර්ධන අභිමතාර්ථ 12)
තිරසාර සහ හරිත නාගරික
ජීවන රටාව
හරිත යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විසඳුම් නිර්මාණය කිරීම - උදා: හරිතමය පොදු ස්ථාන, හරිත ප්‍රවාහන විසඳුම්, නාගරික ගෙවතු
(තිරසාර සංවර්ධන අභිමතාර්ථ 11)
ජෛව විවිධත්වය
සහ සංරක්ෂණය
තර්ජනයට ලක් වූ පරිසර පද්ධති,පාරිසරික සංවේදී ප්‍රදේශ සහ ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ ප්‍රජාව මූලික කරගත් දැනුවත් කිරීම
(තිරසාර සංවර්ධන අභිමතාර්ථ 15)
ක්‍රියාවලිය
01
අයදුම්පත් කැඳවීම
අයදුම්පත් ලබා ගැනීම සඳහා දිවයින පුරා කෙරෙන විවෘත අයදුම්පත් කැඳවීමකි.
දිවයින පුරා පවතින අයදුම්පත් කැඳවීම මාසයක පමණ කාලයක් (දින 30 - 45) පුරාවට පවතින අතර හැකඩෙව් වෙබ් පිටුව හරහා (ඉංග්‍රීසි, සිංහල සහ දමිළ මාධ්‍යයෙන්) අයදුම්පත් යොමු කිරීමට අයදුම්කරුවන්ට හැකියාව ඇත.
02
පූර්ව වැඩසටහන්
උද්යෝගයක් දක්වන අයදුම්කරුවන් සඳහා මනා අවබෝධයක් ලබා දීමේ සහ හරිත නවෝත්පාදන වැඩසටහන පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අවබෝධය පුළුල් කිරීමේ අරමුණින් යුතුව, වැඩසටහනෙහි මූලික අපේක්ෂාවන් විස්තර කරමින් මාර්ගගත ක්‍රමයට පිවිසිය හැකි දැනුම බෙදා දීමේ සැසි මාලාවක් අයදුම්පත් කැඳවන කාලය තුළ පැවැත්වෙනු ඇත.
මේ හරහා තමා විසින් ඉදිරිපත් කළ හැකි විවිධ විසඳුම් පිළිබඳ අයදුම්කරුවන්ගේ අවබෝධය වැඩි දියුණු කරනු ලබන අතර ඉහත සඳහන් කරන ලද තේමාවන් වැඩිදුර විස්තර කෙරෙනු ඇත.
03
අදහස් ඉදිරිපත් කිරීම
පළාත් මට්ටමෙන් මාර්ගගතව සිදු කෙරෙන අදහස් ඉදිරිපත් කිරීමේ වැඩසටහන් පෙළකි.
දිවයින පුරා අයදුම්පත් කැඳවීමෙන් පසුව, මාර්ගගත ක්‍රමවේද ඔස්සේ පළාත් මට්ටමින් පැවැත්වෙන වැඩසටහන් නවයකින් මෙම අදියර සමන්විත වේ. අදහස් ඉදිරිපත් කිරීමක දී අයැදුම්කරුවන් විනිශ්චය මණ්ඩලයක් හමුවේ තම අදහස ඉදිරිපත් කළ යුතු ය. වැඩසටහනේ ඊළග අදියර වන සමාජ නවෝත්පාදන කදවුරු සදහා හොඳම අදහස් සහිත කණ්ඩායම් 20ක උපරිමයක් මේ හරහා තෝරා ගැනෙනු ඇත.
04
සමාජ නවෝත්පාදන කඳවුරු
සමාජ නවෝත්පාදනය සහ සමාජ ව්‍යවසායකත්වය පිළිබඳ දින පහ හමාරක් තුළ පැවැත්වෙන නේවාසික නිර්මාණ චින්තන ඇරඹුම් කඳවුර
සමාජ නවෝත්පාදන කඳවුරු යනු පළාත් මට්ටමේ අදහස් පරීක්ෂනයෙන් තෝරා ගැනෙන දක්ෂතම කණ්ඩායම් 20 (උපරිම) සඳහා හිමි වන අද්විතීය, දැඩි විනයක් යටතේ පැවැත්වෙන සුවිශේෂී සැලසුම්කරණ චින්තන කදවුරු අත්දැකීමකි. නිර්මාණ චින්තන ක්‍රියාවලියේ විවිධ අදියර පිළිබඳ අවබෝධාත්මක ඉගෙනුම් ක්‍රියාවලියක් හරහා නිර්මාණ චින්තන ක්‍රියාවලිය මුල සිට ඉගෙනගැනීමේ අවස්ථාවක් මෙම කඳවුර මඟින් කණ්ඩායම් වෙත ලබාදෙනු ඇත. මෙය ජාතික සහ ජාත්‍යන්තර උපදේශකයන්ගේ, පුහුණුකරුවන්ගේ සහ ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ සහාය මත සිදුවනු ඇත. කඳවුරු සඳහා සහභාගී වන කණ්ඩායම්වලට, ඔවුන්ගේ අදහස වඩාත් සුදුසු හා ප්‍රායෝගික ආකාරයට වෙනස් කිරීමට උපකාරී වන අයුරින් ඔවුන්ගේ සිතීමේ ක්‍රියාවලිය මෙහෙයවීමට මෙම ඉගෙනුම් ක්‍රියාවලිය ඉවහල් වන අතරම එම වෙනස්කම් තහවුරු කරගැනීමද ක්රියාවලියේම කොටසක් වේ.
05
තව දුරටත් වර්ධනය කිරීම සදහා සහාය සහ ප්රාරම්භක අරමුදල්
තෝරාගත් කණ්ඩායම්වලට, අදහස් වැඩිදුරටත් සංවර්ධනය කිරීම සඳහා වැඩිදුර පුහුණු කාලයක් හා ආරම්භක ප්‍රතිපාදන පිරිනමනු ලැබේ .
තෝරා ගත් කණ්ඩායම්වලට ඔවුන්ගේ මූලික ආකෘතියක් (prototype) තව දුරටත් වර්ධනය කිරීම සදහා ආරම්භක ප්රතිපාදනයක් සම්පාදනය කෙරෙනු ඇත. විවිධ ව්‍යාපාරික ක්ෂේත්රවලට අයත් විවිධ විශේෂඥයන් විසින් මාස 06ක කාල පරිච්ඡේදයක් පුරා උපදෙස් හා මග පෙන්වීම් සම්පාදනය කෙරෙනු ඇති අතර ආරම්භක අරමුදල් සම්පාදනය කෙරෙනු ඇත්තේ අදියරෙන් අදියරටය.
නීති සහ රෙගුලාසි
hackadev.lk වෙබ් පිටුවේ නිළ වශයෙන් ලියාපදිංචි වීමේ සබැඳිය හරහා අයදුම්පත් යැවීම සිදු කළ හැකිය.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2022 සැප්තැම්බර් 19 වන දින ප.ව. 11.59 ය.
2018,2019 සහ 2021 වර්ෂවල හැකඩෙව් ජාතික සමාජ සංවර්ධන නවෝත්පාදන අභියෝගය වැඩසටහනෙහි අදියරක් වන සමාජයීය නවෝත්පාදන කඳවුරු සඳහා සහභාගී වූවන් 2022 හැකඩෙව් හරිත සංවර්ධන නවෝත්පාදන අභියෝගය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබයි.
හරිත නවෝත්පාදනයට අදාල නොවන කිසිඳු අයදුම්පතක් වැඩසටහනේ ඉදිරි පියවර සඳහා සැලකිල්ලට ගනු නොලැබේ.
අයදුම්පත් ඉංග්‍රීසි, සිංහල සහ දමිළ යන ඕනෑම මාධ්‍යයකින් ඉදිරිපත් කළ හැකි ය.
අවම වශයෙන් සාමාජිකයින් 3 දෙනෙකු සහ උපරිම සාමාජිකයින් 4 දෙනෙකු කණ්ඩායමක සිටිය හැක.
සියලුම කණ්ඩායම් සාමාජිකයින් අයදුම්පත් භාරගන්නා අවසන් දිනයේ වයස අවුරුදු 29 නොඉක්මවිය යුතුය.
කණ්ඩායමක අවම වශයෙන් එක් කාන්තා සාමාජිකාවකගෙන් හෝ සමන්විත විය යුතුය.
විවිධත්වය දිරිමත් කිරීම සඳහා, තේරීම් ක්‍රියාවලිය තුළ ආබාධිත තරුණ තරුණියන් සිටින සහ/හෝ ජනවාර්ගික විවිධත්වය හා ස්ත්‍රී පුරුෂ සමබරතාවක් සහිත කණ්ඩායම්වලට විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
නොවැළැක්විය හැකි හේතූන් මත හැර තෝරාගත් කණ්ඩායම් ඔවුන්ට අදාළ වැඩසටහනට (මාර්ගගතව) සහභාගී විය යුතුය.
ඔබ යෝජනා කරන විසඳුම සමඟ ඔවුන් අයදුම් කර ඇති අදහස තවදුරටත් පැහැදිලි කිරීමට කණ්ඩායම්වලට උපරිම මිනිත්තු 5ක් ලැබේ.
විනිසුරුවන් සමඟ උපරිම විනාඩි 5-7 ප්‍රශ්නෝත්තර කාලයක් ලැබේ.
මෙම අදියර මූලාකෘතියක් (prototype) ඉදිරිපත් කිරීමට නොවේ.
කණ්ඩායම් පරීක්ෂණය සඳහා Powerpoint/ වෙනත් ඉදිරිපත් කිරීමක් සිදු කිරීම අපේක්ෂා නොකෙරේ. (වාචික පැහැදිලි කිරීම පමණි)
අදහස් පරීක්ෂණයේදී ලබාගත් ලකුණු අනුව සමාජ නවෝත්පාදන කඳවුරු සඳහා කණ්ඩායම් තවදුරටත් තෝරාගනු ලැබේ.
නොවැළැක්විය හැකි අවස්ථාවක හැර තෝරාගත් කණ්ඩායම් සමාජ නවෝත්පාදන කඳවුරුවලට සහභාගී වීම අනිවාර්ය වේ.
තෝරාගත් කණ්ඩායම්වලට මූලික ව්‍යුහය සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම ආරම්භ කළ හැකි අතර තෝරා ගැනීම නිවේදනය කළ දිනයේ සිට ව්‍යාපෘතිය පිළිබඳ අවශ්‍ය පර්යේෂණ සිදු කළ හැකි නමුත් සම්පූර්ණ කරන ලද ව්‍යූහයක් තරඟයට ගෙන ඒමට ඉඩ නොලැබේ.
සියලුම කණ්ඩායම් සමාජ නවෝත්පාදන කඳවුරු අවසානයේ ඔවුන්ගේ විසදුම් ආදර්ශනය කිරීම සහ ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ.
කණ්ඩායම්වලට ඔවුන් කැමති ඕනෑම තාක්ෂණයක්, වේදිකාවක් සහ මෙවලම් භාවිතා කිරීමට නිදහස ඇත.
සමාජ නවෝත්පාදන කඳවුර දින පහ-හමාරක නේවාසික පහසුකම් සහිත සියලු වියදම් සංවිධායකයන් විසින් දරනු ලබන අදියරකි.
සමාජ නවෝත්පාදන කඳවුර සඳහා උපරිම වශයෙන් කණ්ඩායම් 20ක් තෝරා ගනු ලැබේ. (සමාජ නවෝත්පාදන කඳවුරු එකක් පමණක් පැවැත්වෙනු ඇත.)
ඉදිරිපත් කරන ලද අදහස් සහ විසඳුම් පිළිබඳ අයිතිය ඒ ඒ කණ්ඩායම් සතු වේ
පහත සඳහන් නිර්ණායක මත පදනම්ව කණ්ඩායම් ඇගයීමට ලක් කෙරේ
x සඳහන් කර ඇති ගැටලුවට අදාළ විසඳුමක් විය යුතුය
x නිර්මාණශීලිත්වය නව්‍ය චින්තනය
x වැඩි දියුණු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සරල බව සහ උපරිම හැකියාව
x කණ්ඩායම සහ කැපවීම
x බලපෑම
x සැලැස්ම
ඉහත නිර්ණායක මත පදනම්ව ඉදිරිපත් කිරීම් සමාලෝචනය කරනු ලබන බහු පාර්ශ්ව පිරික්සුම් මණ්ඩලයක් විසින් එක් එක් අදියර සඳහා කණ්ඩායම් තෝරා ගනු ලැබේ. පරීක්ෂණ මණ්ඩලයේ සහ විනිසුරු මඩුල්ලේ තීරණ අවසාන තීරණය වේ
සමාජ ව්‍යවසාය වැඩිදුර වර්ධනය කිරීමේ වැඩසටහන සඳහා උපරිම අදහස් 05ක් තෝරා ගනු ලැබෙන අතර ආරම්භක අරමුදල් ලබා ගැනීම සදහා සුදුසුකම් ලබනු ඇත. .
ආරම්භක අරමුදල් සම්පාදනය කිරීම හා ඉදිරි සහය, තෝරා ගත් උපදේශක ආයතනයක් විසින් කළමනාකරණය කෙරෙන අතර එම ආයතනය සමග මාස 06ක ඉදිරි සංවර්ධන සැලැස්මකට එකඟ වීම හා අදාල විසඳුම අත්හදා බැලීමට හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු නියමිත කාලයට අනුව කණ්ඩායම විසින් සිදු කළ යුතුය.
අනුන්ගේ අදහස් මොන යම් ආකාරයකින් හෝ භාවිතා කිරීම සපුරා තහනම් වන අතර අනුන්ගේ අදහස් මොන යම් ආකාරයකින් හෝ භාවිතා කර ඇති බව වැඩසටහනේ කවර හෝ අදියරක දී සොයා ගැනුණ හොත් අදාළ අයදුම්කරුවන් ක්‍රියාවලියෙන් ඉවත් කෙරෙනු ඇත.